ගොඩක් අය මේක ගැන දන්නවා ඇති. හැබැයි නොදන්න අයත් ඇති.
කොහොම
උනත් වැඩේ පටන් ගන්න කලින් මොකක්ද මේ, කොහෙද මේ අය ඉන්නේ කියල දැනගත්තොත්
හොදයි නේද. හරි, මුලින්ම මොකක්ද මේ කියල කිව්වොත්, මේ වෙබ් අඩවිය එක්තරා
ආකාරයක තැරැව් කාර සමාගමක් කිව්වොත් නිවැරදියි, මේකෙන් කරන්නේ යම්කිසි
සේවයක් අවශ්‍ය පුද්ගලයන් හා සේවයක් ලබා දිය හැකි පුද්ගලයන් මුන ගැස්වීමක්
වගේ දෙයක්. සේවය ලබා දෙන පුද්ගලයා තමාට කරගත යුතු කාර්යය microworkers හරහා
ප්‍රකාශයට පත් කරනවා. එම මුදලට කාර්යය ඉටු කරන්න කැමති පුද්ගලයින්
ඉදිරිපත් වෙලා ජොබ් එක කරලා භාර දෙනවා. ඉන්පසු ජොබ් එක ලබා දුන් පුද්ගලයා,
ඔහු නිවැරදිව අවශ්‍ය දේ ඉටු කළාදැයි පරික්ෂා කර සතුටුදායක නම් මුදල් ගෙවීම
කරනවා. ඉතින් මේ විදිහට කරන්න ලැබෙන වැඩ මහා ලොකු ඒවා නෙවෙයි. ලේසි වැඩ.
විනාඩි දෙක තුනකින් ඉවර කරන්න පුළුවන්. ඒවා ගැන පස්සේ කතා කරමු.
කවුද
මේ අය, කොහෙද ඉන්නේ කියල කාටහරි ප්‍රශ්නයක් ආවොත්, එකත් පැහැදිලිව
ඔවුන්ගේ වෙබ් පිටුවේ සදහන් කරල තියෙනවා. ලිපිනය විතරක් නෙවයි ගූගල් මැප්
එකේ ඉන්න තැනත් පෙන්නලා තියෙනවා.
ඊට
අමතරව ඔයාල ගිණුමක් ආරම්භ කරද්දී නොමිලේම $1 ක් ලැබෙනවා. මුදල් ගන්න
අවස්ථාව ලැබෙන්නේ $9 ක් හෙව්වට පස්සේ. සල්ලි ඇත්තටම දෙනවද කියල කවුරු හරි
ඇහුවොත්, ඔව් ලංකාවේ බොහෝ දෙනෙක් මේ වන විටත් සල්ලි අරන් තියෙනවා. අනික එක
තමා ඔයාලට ජොබ්ස් දෙන අයට මුදල් නොදී මග හරින්න බැහැ. මොකද දවස 7 ක් යනකල්
අපි කරපු ජොබ් එකකට ගෙවීම් ලැබුනේ නැත්තම්, ඒ මුදල Microworkers සමාගම
විසින් දෙන්න බැදී ඉන්නවා.
මේවා දිහා බැලුවහම අපිට ඉතින් අවිශ්වාස කරන්න දෙයක් ඇති වෙන්නේ නැහැනේ.
හරි එහෙනම් අපි වැඩේ පටන් ගනිමු.
- මුලින්ම www.microworkers.com කියන වෙබ් අඩවියට යන්න.
- එතකොට ඔයාලට පෙනෙයි, register for free කියල කහ පාටින් ලින්ක් එකක් තියෙනව
- එක ක්ලික් කරලා ගිහින් , අහල තියෙන ඒවා පුරවන්න. තමන්ගේ ඇත්ත තොරතුරුම දෙන්න.
- submit කරන්න
- ඊට පස්සේ තමන්ගේ ඊ මේල් ලිපිනයට ගිහිල්ල ගිණුම verify කරගන්න
හරි, දැන් අපි internet ඒකෙන් සල්ලි හම්බකරන්න ලෑස්තියි
ඊට
කලින් ඔයාගේ Account එකට ගිහින් බලන්න හරියටම ඔයාගේ තොරතුරු දීල තියෙනවද
කියල. විශේෂයෙන් ගෙදර ලිපිනය සහ Moneybooker හෝ AlertPay ලිපිනය.
ගෙදර
ලිපිනය අවශ්‍ය වෙන්නේ ඔයාල හම්බ කරපු මුදල් පලවෙනි සැරේට ආපසු ගන්නකොට ($9
ක් හොයනකල් ඔයාලට මුදල් ගන්න බැහැ) එයාල PIN නම්බරයක් එවනවා තැපෑලෙන්
ඔයාලගේ ගෙදරට. ඒක කරන්නේ වැඩිපුර ආරක්ෂාවටයි. ඒ නිසා නිවැරදි නම සහ ලිපිනය
දීල තියෙනවද කියල නැවත චෙක් කරලා බලන්න.
මුදල් ලබා ගන්න Account එක Moneybookers එකක් නම් හොදයි. මොකද Paypal වල අඩුම කොමිස් මුදල ගත්තට ලංකාවට support කරන්නේ නැහැනේ. Moneybookers සහ Alertpay 6.5% ක කොමිස් මුදලක් ගන්නවා.. ඔයාලට තාම Moneybookers හෝ Alertpay ගීනුමක් නැත්තම් මෙතනින් www.moneybookers.com හරි www.alertpay.com ගිහින් එකක් හදා ගන්න. මේක හදා ගද්දි ඊ මේල් ලිපිනය විදිහට ඔයාල නිතර පාවිච්චි කරන ඒ මේල් ලිපිනයක් දෙන්න
දැන්
බලනවා ඇති Moneybooker එකක් තියෙද්දී PIN නම්බරයක් එවන්නේ මොකටද කියල.
එවන PIN නම්බරය හරියට ගැහුවොත් තමා ඔබේ මුදල් Moneybooker එකට යවන්නේ. හරි
එහෙනම්...ඔයාලට කරන්න වෙන්නේ මොනවගේ ජොබ් ද කියල ඊලග පාඩමෙන් බලමු.
මම
උඩින් කිව්වේ ගිණුමක් ආරම්භ කරන විදිහ. හැබැයි ඔයගොල්ලෝ මේකේ තියෙන ජොබ්
කරන්න ගත්තහම තවත් අතිරේක අවශ්‍යතා ටිකක් මතු වේවි. ඉතින් ඒ වෙලාවට තැවී
තැවී ඉන්නේ නැතුව මම පහල කියල තියෙන ගිණුම් ටිකත් විවෘත කරගත්තොත් ඔයාලට
වැඩි ජොබ් ප්‍රමාණයක් කරන්න පුළුවන් වෙයි.
1. Facebook ගිණුමක්
ගොඩක්
අයට දැනටමත් ඉතින් facebook ගිණුමක් නම් ඇතිනේ. ඒත් microworkers එකේ
ඔයාල facebook සම්බන්ධ ජොබ් එකක් කලොත් එකේ එක අවශ්‍යතාවයක් තමා facebook
ගිණුම public කරලා තියෙන එක. මොකද ඒ අයට ඔයාල හරියට වැඩේ කලාද කියල
බලාගන්න ඕනිනේ. හැබැයි මේ දවස් වල තියෙන තත්වයත් එක්ක ගොඩක් ඇය තමන්ගේ ෆේස්
බුක් ගිණුම යාලුවන්ට විතරක් පේන්න නේ හදල තියෙන්නේ. ඒක ඉතින් ඇත්තටම
ආරක්ෂාවට හොදයි. ඒ නිසා මම නම් කියන්නේ පුලුවන්නම් බොරු (fake) ගිණුමක්
හදාගන්න. හැබැයි යාලුවොත් 50 කට වඩා ඉන්න ඕනි.
2. E- mail ගිණුමක්
මේකත්
microwarkers වලටම වෙන් වුන ගිණුමක් කරගන්න. මොකද ගොඩාක් ජොබ් වලදී
ඔයාලගේ ඊ මේල් ගිණුම ලබා දෙන්න වෙනවා. ඒකට දැනට ඔයාලගේ පාවිච්චි කරන ගිණුම
දෙනවට වඩා වෙනම එකක් පාවිච්චි කරන ඒක ලේසියි. Gmail ගිණුමක් හදා ගත්තොත් ගොඩාක්ම ලේසියි.
3. Youtube ගිණුමක්
මේකත් ඔයාලට වැඩි ජොබ් ප්‍රමාණයක් කරන්න අත්‍යවශ්‍ය වෙන එකක්. http://www.youtube.com ගිහින් sign up වෙලා ඔයාලගේ තොරතුරු දීල ගිණුමක් හදාගන්න. ඊ මේල් ඒක විදිහට කලින් හදා ගත්ත gmail ලිපිනය දෙන්න. එතකොට වැඩේ ලේසියි.
4. Twitter ගිණුමක්
http://www.twitter.com
ඒකට ගිහින් ලියා පදිංචි වෙන්න කරන්න තියෙන්නේ join today කියන තැනට
ගිහිල්ල අදාළ තොරතුරු ටික දීල sign up වෙන ඒක. හැබැයි ඔයාලට වැඩි ගානක්
ගෙවන twitter ජොබ් එකක් ලබා ගන්න නම් ඔයාලගේ ට්විටර් ගිණුමේ වැඩි
අනුගාමිකයෝ (followers) ල සංඛ්‍යාවක් ඉන්න ඕනි. ඒකට කරන්න තියෙන්නේ, ඔයාල
මුලින්ම දැනට ට්විටර් ජාලයේ ඉන්න කට්ටියගේ අනුගාමිකයෝ වෙන එකයි. මේකට ඒ අයව
අදුරන්න ඕනි නැහැ. ලංකාවේ ඇය වැඩිය ටිවිටර් වල නැති නිසා පිටරට කට්ටියගේ
හරි කමක් නැහැ අනුගාමිකයෙක් වෙන්න. තව හොද profile picture එකකුත් දාගෙන
tweet එකකුත් දාන්න. මම නම් කලේ මුලින්ම sports කියන කොටසේ ඉන්න අයගේ
අනුගාමිකයෙක් වෙලා ක්‍රීඩා වලට අදාළ හොද වැකි ටිකක් නෙට් එකෙන්ම හොයල මගේ
වගේ tweet කරපු ඒක. ටික දවසක් යද්දී ඔයාවත් follow කරන පිරිසක් ඇති වේවි.
ට්විටර් වල ෆේස් බුක් එකේ වගේ request යවන්න එහෙම බැරි නිසා ටික දවසක් යයි
folllowers ල ටිකක් හදා ගන්න.
5. Digg හරි Stumbleupon හරි ගිණුමක්
ඔයාල දන්නවා ඇතිනේ සෝෂල් බුක් මාකින් සයිට් ගැන. එහෙම එකක දෙකකත් සාමාජිකත්වය අරගෙන ඉන්න ඒක හොදයි ඉස්සරහට එන ජොබ් කරන්න. ඒ සදහා,
ගිහින් සාමාජිකත්වය ගන්න පුළුවන්.
6. yahoo-answers ගිනුමක සාමාජිකත්වය
දන්නවනේ මේක ප්‍රසිද්ධ ෆෝරම් එකක් කියල. http://answers.yahoo.com/ ගිහින් සාමාජිකත්වය ගන්න පුළුවන්. හැබැයි එකපාරටමේ මේකට ගිහින් ජොබ් කරන්න යන්න එපා. මේ ෆෝරම් එකේ ඔයාලට ලකුණු දෙන විදිහක් තියෙනවා.
ඉතින්
මේකේ ලකුණු වැඩි වෙන විදිහට yahooanswers වල ඔයාලට කරන්න පුළුවන් ජොබ්
ප්‍රමාණයත් වැඩි වෙනවා. හැබැයි මතක තියා ගන්න වැඩිය ස්පෑම් ලිනක්ස් ඔයාල
මේ ෆෝරම ඒකට දාන්න එපා. එහෙම කියල තේරුනොත් ඔයාගේ ගිණුම අත්හිටුවන්න එයාලට
පුළුවන්. මොකද මටත් එහෙම එකක් උනා.
ඊ මනි ගැන වටිනා ලිපියක්
ReplyDeleteලංකාවේ නිදහස්ම ෆෝරම් වෙබ් අඩවිය නෙතින් එහා සමඟ එකතු වෙන්න